අප ගැන
ACP Japan (Pvt) Ltd
සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ රැකියා ඉල්ලුමට රුකුලක් වීමේ අභිලාශයෙන් පැහැදිලි දැක්මක් හා අරමුණක් ඇතිව 2023 අගෝස්තු මස 04 වන දින ACP Japan (Pvt) Ltd ආයතනය ආරම්භ කරන ලදී.
මෙහි මූලික පියවර වශයෙන් ජපන් භාෂාව ඉගැන්වීම හා ජපන් සංස්කෘතිය සම්බන්ධ අවබෝධය ලබාදීමේ අරමුණින් ACP Japanese School මඟින් ඒ හා අවශ්‍ය ඉගැන්වීම් සිදුකරන අතර භාෂාව හැදෑරීමෙන් පසු රැකියා සඳහා අවශ්‍ය වෘත්තීයමය නිපුණතාවය ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ද මෙම ආයතනය මඟින් ලබාදේ.
ඒ අනුව, ශ්‍රී ලාංකිකයින් හට ජපන් රැකියා සිහිනය සැබෑ කරමින් ඒ සඳහා අවශ්‍ය වීසා ලබාදීම හා ජපානයේ රැකියා වෙත යොමු කිරීමේ කර්තව්‍යය මෙම ආයතනය මඟින් සිදුකරයි. ඒ යටතේ Working Visa, Student Visa, Business Visa හා SSW Visa ලබාදීම මෙම ආයතනයේ ප්‍රධාන කාර්යභාරය ලෙස ඉටු කෙරෙන්නේ ඉතා විස්වාසවන්ත හා නීත්‍යානුකූල ලෙසයි.
Our Staff
Our dedicated staff is the heart of our success. With a blend of experience, professionalism, and passion, they ensure every client receives personalized attention and exceptional service. Each team member is trained to uphold our values of trust, quality, and care, making your journey with us seamless and memorable.
ACP Japan තෝරගන්නෙ ඇයි ?
පල පුරුදු හා සුදුසුකම්ලත් ගුරුවරුන්
උසස් අධ්‍යාපන මට්ටමකින් හා වෘත්තීය ක්ෂේත්රයන්හි මනා අවබෝධයක් ඇති විශිෂ්ට ගුරුවරු මඩුල්ලකගේ අධ්‍යාපනය හැදෑරීමට හැකි වීම.
පුහුණුව
අපගේ වැඩසටහන් මගින් භාෂාව පමණක් නොව ජපන් සංස්කෘතිය හා වෘත්තීය කුසලතා සංවර්ධනය කෙරෙහිද, විශේෂ අවධානයක් යොමු කර ඇති බැවින් ඔබට ජපානේ රැකියාව හා ජන ජීවිතය පහසු කරගත හැක.
ආරම්භයේ සිට අවසානය දක්වා සහය
ඔබගේ පළමු පියවරේ සිට ජපානයේ රැකියාව ලබා ගැනීම දක්වා සෑම පියවරකදීම අප ඔබ සමග සිටින්නෙමු.
විශ්වාසනීය වීසා සැකසුම් ක්‍රමය
අවුරුදු හයකට නොවැඩි කාලයක් රැකියා විසා, ව්‍යාපාරික වීසා සහ ශිෂ්‍ය වීසා ලබාදීම සිදුකර ඇති අතර මෙවර SSW වීසා ලබාදීමටද ජපන් රජය අපව තෝරා ගෙන ඇත.
ජපානයේ ජීවිතය
අධ්‍යාපනය හා රැකියා සඳහා යොමු කිරීම පමණක් නොව ජපානය සුවපහසු ජීවන රටාවක් ගත කිරීමට එදිනෙදා අවශ්‍ය පහසුකම් ලබාගැනීමට සහය ද අප විසින් ලබා දෙන්නෙමු.
පුෂ්ප කුමාර බෝගොඩආරච්චි
හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරී
ACP ජපන් පාසල
අරමුණ
ශ්‍රී ලාංකික වෘත්තිකයින් හට ජපන් භාෂා දැනුම, සංස්කෘතික අවබෝධය සහ කාර්යමය කුසලතාවයක් ලබාදී, ජපානයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනැඟීමට සහය වන ප්‍රමුඛතම ආයතනයක් වීම
දැක්ම
ජපන් භාෂාව සහ ජපන් සංස්කෘතිය සම්බන්ධ මූලික අධ්‍යාපනය ලබාදෙමින්, වෘත්තීය කුසලතාවයක්ගෙන් පිරිපුන්, රැකියා අපේක්ෂකයින් පිරිසක් ක්‍රමවත් ලෙස ජපානයේ රැකියා වෙළඳපොල වෙත් යොමු කිරීම.



